වැල්ලවායේ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජූලි 21, 2023

    වැල්ලවාය පොලීසිය, නිකපොත සහ අයිස්පීල්ල යන ප්‍රදේශවල කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 800 ක් තිබූ බවයි පොලීසිය පවසන්නේ.

    ඒවායේ මිල රුපියල් ලක්ෂ 10 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ. සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන් වන අතර, අයෙකු 29 හැවිරිදි වියේ සහ අනෙක් පුද්ගලයා 39 හැවිරිදි වියේ පසුවනවා. ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News