ජනපතිගෙන් තවත් ගැසට්ටුවක්

ජූලි 18, 2023
    ඕනෑම රාජ්ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් කිහිපයක් අත්යවශ්ය සේවාවන් බවට ප්රකාශයට පත් කර තිබෙනවා.

     ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඊයේ අත්සන් කරන ලද ගැසට් නිවේදනයේ මේ බව සඳහන්.

    විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල , සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම,රැකවරණය, පෝෂණය කිරීම සහ ප්රතිකාර කිරීම සම්බන්ධව අවශ්ය හෝ කළ යුතු ඕනෑම් විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්රමය මෙලෙස අත්යවශ්ය සේවාවන් බවට ප්රකාශයට පත් කර තිබෙනවා.
     
    1979 අංක 61 දරන අත්යවශ්ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්රකාරව ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙය සිදු කර තිබෙනවා.

    Latest News