රියදුරුට මරු කැඳවූ කරඳගොල්ල අනතුර

ජූලි 18, 2023

    අද උදෑසන වැල්ලවාය, කරඳගොල්ල, රකිත්තා කන්ද මාර්ගයේ ගමන් කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.

    තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වැල්ලවාය පොලිසිය අප වෙත සඳහන් කළේ.

    උමා ඔය, කරඳගොල්ල වැඩ බිමේ රාත්‍රී සේවය කළ සේවකයින්, සේවය අවසන් කර නැවත වැල්ලවාය දක්වා රැගෙන යමින් තිබූ බස් රථයකුයි අද උදෑසන 7.30 ට පමණ මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

    බස් රථයේ 9 දෙනෙකු ගමන් කර ඇති අතර, ‍වයස අවුරුදු 73 ක් වන බස්නායක පියසේන නම් රියදුරායි, මෙලෙස මියගොස් ඇත්තේ. තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ තත්වය එරතම් බපතල නොවන බවයි, ‍රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ඇල්ල සහ වැල්ලවාය පොලිසිය මගින් සිද්ධිය පිළිබඳ පර්යේෂණ ක්‍රියාත්මකයි.

    Latest News