2023-2024 ජන හා නිවාස සංගණනයක් ගැන විශේෂ ගැසට්ටුවක්

ජූලි 11, 2023

    2023 - 2024 ‍වර්ෂ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කෙරුණා.

    මෙරට 15 වැනි ජන සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමටයි, තීරණය කර තිබුණේ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එය කල් තැබුණා. ඒ අනුව, නව සංගණනය සිදු කිරීමට නියමිතයි.

    මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 දී සිදු කෙරුණා. අවසන් සංගණනය 2012 වසරේ දී සිදු කළා.
    සෑම වසර 10 කට වරක්ම ජන හා නිවාස සංගණනයක් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

    Latest News