මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ජූලි 17, 2023

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇතැයි, අමෙරිකාව විශ්වාසය පළ කරනවා.

    එරට භාණ්ඩාගාර ලේකම්, ‍ජැනට් යෙලන් මහත්මිය මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ පැවති මාධ්‍ය හමුවකදී.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ පළමු වැඩසටහන් සමාලෝචනය මේ සමග ඉදිරියට ක්‍රියාත්මක කළ හැකි බවයි, ‍ජැනට් යෙලන් මහත්මිය කියා සිටියේ. ණයගැති රටවල් සඳහා පරිශීලක මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත් කිරීමෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ අවශ්‍ය පැහැදිලි කිරීම් සහ පුරෝකථනයක් කළ හැකි බව තමන්ගේ විශ්වාසය බව, ඇය එහිදී ප්‍රකාශ කළා. ජී-20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හමුව ඉන්දියාවේ ගාන්ධි නගර් හිදී, සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News