ඉන්දියාවෙන් ගෙනආ රු.කෝටි පහක ගංජා අල්ලයි

ජූනි 05, 2022

    දකුණු ඉන්දියාවේ සිට බහුදින ධීවර යාත්‍රා මඟින් මෙරටට රැගෙනආ කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    යාපනය, අල්ලපිඩිඩි, ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 141ක් සහ කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේදී කිලෝ ග්‍රෑම් 208කට අධික බරින් යුතු කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

    ඉතාමත් සූක්‍ෂම ලෙස මෙරටට රැගෙන විත් මෙම ගංජා තොග නිවෙස් තුල සඟවා තිබූ අතර වයස අවුරුදු 43ක සහ 46ක පුද්ගලයින් දෙදෙනෙක්ද මේ සමග අත්අඩංගුවට ගැනිණ. ඔවුන් යාපනය, අල්ලපිඩිඩි සහ මන්නාරම, පෙරියකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

    කේරළ ගංජා අළෙවි කිරීමට යොදා ගන්නා නවීන මෝටර් රථයක්ද, ගැනුම්කරුවන් සම්බන්ධ කර ගැනීමට යොදාගන්නා ලද ජංගම දුරකථන 03 ක්ද සොයා ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල දළ වටිනාකම රුපියල් කෝටි පහකට අධිකයි.

    Last modified on ඉරිදා, 05 ජූනි 2022 10:36

    Latest News