මෙරට ප්‍රථම කෘතිම වෙරළතීරය ජනතාවට විවෘත කෙරේ

ජූලි 15, 2023

    කොළඹ වරාය නගරය තුළ ඉදිකෙරුණු කෘතිම වෙරළතීරය අද ජනතාව සඳහා විවෘත කෙරුණා.

    කිලෝමීටර දෙකක දුර ප්‍රමාණයකින් යුත් මෙම වෙරළතීරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් පහසුකම් රැසක් ද සලසා තිබෙනවා. මෙම වෙරළ තීරය නැරඹීමේ අවස්ථාව ඕනෑම අයෙකුට හිමිවන අතර, ඒ සඳහා කිසිඳු අයකිරීමක් සිදුවන්නේ නැහැ. පවුලේ සැමට එක්ව විනෝදවීමේ අවස්ථාව ද සලසා දී ඇති අතර, දෙස් විදෙස් අවන්හල් රැසකින් ද මෙම වෙරළ පරිශ්‍රය සමන්විතයි. වෙරළතීරය නැරඹීමට පැමිණෙන අයට ජල ක්‍රීඩා සඳහා ද අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේවන විටත් සිදුවෙමින් පවතිනවා. ඒ යටතේ ඉදිකෙරෙන මෙම වෙරළතීරයේ කොටසක් මීට වසරකට පෙර ජනතාව සඳහා විවෘත කෙරුණා. එහි ඉතිරි කොටසයි, අද සිට විවෘත වන්නේ.

    Latest News