කතරගමට සුළු භූකම්පනයක්

මැයි 16, 2023

    කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සුළු භූකම්පනයක් සිදුව තිබෙනවා.

    එය රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් බවයි වාර්තා වන්නේ.

    ඊයේ (15) රාත්‍රී 10.15ට පමණ එම භූ කම්පනය සිදුව ඇත.

    භූකම්පනය එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කරනවා.

    Latest News