විදුහල්පති විභාගය සමත්වූවන්ට දැනුම් දීමක්

මැයි 08, 2023

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 වන දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට තීරණය කර ඇති බව,අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

    ඒ අනුව එම අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ මැයි මස 22 වනදා සිට ජූනි 01 වනදා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

    ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු  www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

    Last modified on සදුදා, 08 මැයි 2023 11:22

    Latest News