බස්නාහිර පාසල්වල 12 ශ්‍රේණියත් අරඹන ලෙසට ඉල්ලීම්

මාර් 16, 2021

    බස්නාහිර පළාතේ 12 වන ශ්‍රේණියේ සිසුන්ටද පාසල් යළි විවෘත කරන ලෙසට විදුහල්පතිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

    ලේකම්වරයා කියා සිටියේ එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තමන් යොමු කරන බවයි.

    බස්නාහිර පළාතේ මේ වනවිට විවෘත කර නොමැති ශ්‍රේණිවල සිසුන් සදහා පාසල් කාලසටහනට අනුව දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු කිරීම යෝග්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඒ සදහා එම ශ්‍රේණිවල ගුරුවරුන් පාසල් වෙත පැමිණිය යුතු බවද අධ්‍යාපන ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

    බස්නාහිර පළාතේ 5, 11 සහ 13 ශ්‍රේණි සදහා සහ සෙසු පළාත්වල සියලු පාසල් ඊයේ සිට යළි විවෘත කෙරිණ.

    ඒ අනුව ඊයේ දිනේය 73% ක සිසුන් පිරිසක් සහ 86% ක ගුරුවරුන් පිරිසක් පාසල් පැමිණ තිබූ බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

    බස්නාහිර පළාතේ සිසුන්ගේ පැමිණීම 79% ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 78% ක් ලෙස සටහන් වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.

    Latest News