ලයිසන් අලුත් නොකළ වාහනවලට වෙන්න යන දේ

මැයි 08, 2023

    වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙන බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ දැනුම් දෙනවා.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බවයි ඔහු පවසන්නේ.

    ඒ අනුව වසර 5කට වඩා අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබානොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බව නිශාන්ත අනුරුද්ධ මහතා පවසනවා.

    Latest News