යාපනයේ පංච පුද්ගල මනුෂ්‍ය ඝාතනයක්

අප්‍රේ 22, 2023

    යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ ජැටිය ආසන්නයේ නිවසක පුද්ගලයන් පස්දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

    පොලිසිය පවසන්නේ, ඝාතනයට ලක් වූ පිරිස අතර, කාන්තාවන් තිදෙනෙකු වන බවයි. තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසු වූ කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඊයේ රාත්‍රියේ හෝ අද අලුයම මෙම ඝාතන සිදුව ඇති බවටයි, පොලිසිය සැක කරන්නේ. ඝාතනය කෙරුණු සියලුදෙනා එකම පවුලේ ඥාතීන් බව, දැනට සිදු කරන ලද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

    ඒ අතරින් තිදෙනෙකු විදේශ ගතව සිට පැමිණ සිටි අ‍ය බව, පොලිසිය පවසනවා. සිද්ධියෙන් පසු ඩෙල්ෆ් දූපතේ සිට ක්‍රියාත්මක මගී යාත්‍රා සේවය අත්හිටුවීමට පොලිසිය පියවර ගත්තා. ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් හෙලි වී නැතැයිද, පොලිසිය සදහන් කළා.

    Latest News