“walking charger” නිපදවා ජාත්‍යන්තර දිනූ මධුමාල්

නොවැ 16, 2022
    කැනඩාවේ පැවති i-can 2022 නව නිපැයුම් නවොත්පාදන ජාත්‍යන්තර තර‍ඟයේ දී රටවල් අසූ එකක තරඟකරුවන් හා තරඟ කර එහි රන්පදක්කම ජයග්‍රහණය කළ කන්තලේ අග්බෝපුර පදිංචි චතුර මධුමාල් තරුණයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් පසුගිය දා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය.
    ඔහුට ජයග්‍රහණය ගෙන ආ ඔහු විසින් නිපදවන ලද “walking charger” උපකරණය පිළිබඳවත් නවෝත්පාදනය පිළිබඳවත් අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා ඔහු සමග සුහද සාකච්ඡාවක නිරත විය. 
    අමාත්‍යවරයා විසින් ඔහු ඉදිරිපත් කරන ලද අදහස් සළකා බැලීමෙන් අනතුරුව ඔහුව ජාතික තරුණ සේවා සභාව හා සම්බන්ධ කරමින් අවශ්‍ය ඉදිරි වැඩකටයුතු සළසා දීමට කටයුතු කළේය.
    Last modified on බදාදා, 16 නොවැම්බර් 2022 09:45

    Latest News