මිල්ලනිය විදුහල්පතිනියට ඇප

නොවැ 16, 2022

    බාල වයස්කාර සිසුන් කිහිපදෙනෙකුට පහර දී අමානුෂික ලෙස සැලකූ බවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු විදුලිහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප මත මුදා හරින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

    මිල්ලනිය ප්‍රදේශයේ පාසලක බාල වයස්කාර සිසුන් කිහිපදෙනෙකුට පහරදී අමානුෂික ලෙස සැලකූ බවට ඔවුන් චෝදනා ලැබුවා. 

    එක්-එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.  ජාතික ළමාරක්ෂක අධිකාරිය, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇතැයි දන්වා සිටියා. 

    විමර්ශන අවසන් කොට, කරුණු වාර්තා කිරීම සදහා දිනයක් ලබා දෙන්නැයි එම අධිකාරිය අධිකරණයෙන් අද ඉල්ලීමක් කළා.  නඩුව ලබන ජනවාරි 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

    Latest News