හිරුණිකා අත්අඩංගුවට....(වීඩියෝ)

නොවැ 14, 2022
  • කුරුඳුවත්ත පොලීසිය අද (14) දහවල් හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, පොලීසියේ රාජකාරිවලට බාධා‍ කිරීම හේතුවෙන්. කාන්තාවන් පිරිසක් අද දහවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර් යාලය ඉදිරිපිට වීථි නාට්‍යයක් රඟදක්වා තිබෙනවා. පොලීසිය එම ස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිස්ථානයට ‍ගෙන එනු ලැබුවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොලිස්ථානයට පැමිණ, ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. ඉන් අනතුරුවයි අත්ඩංගුවට ගැනුණේ.

    Last modified on සදුදා, 14 නොවැම්බර් 2022 19:15

    Latest News