විද්‍යුත් වාහන භාවිතය පිළිබඳ මාර්⁣ගෝපදේශ මාලාවක්

නොවැ 09, 2022

    ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය පිළිබඳව මාර්⁣ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර් මාන්ත අමාත්‍යංශය සැලසුම් කොට තිබෙයි.

    ඒ අනුව ඉදිරියේදී ලංකාවට ආනයනය කරනු ලබන සියළුම විද්‍යුත් වාහන හා උපාංග, මෙරට තුළ සිදුකරනු ලබන විද්‍යුත් වාහන එකලස් කිරීමේ කටයුතු සහ විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීම සඳහාද මෙම මාර්⁣ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.

    මෙම මාර්⁣ගෝපදේශ මාලාව ක්‍රියාවට නැංවීම තුළින් ලංකාව තුළ විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීම මෙන්ම භාවිතය ක්‍රමවත් කිරීම බලාපොරොත්තුව වේ. මෙම මාර්⁣ගෝපදේශ මාලාව සකස් කිරීම පිළිබඳව මූලික සාකච්ඡාවක් කර් මාන්ත හා වැවිලි කර් මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කර් මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මේ වන විටත් කර් මාන්ත අමාත්‍යාංශය විසින් මෝටර් රථවාහන  (Auto Mobile) පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින අතර එම ප්‍රතිපත්ති මාලාවට සමගාමීව මෙම මාර්⁣ගෝපදේශ මාලාවද එළි දැක්වීමට කර් මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

    මෙම විද්‍යුත් වාහන මාර්⁣ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් බැටරි වැනි විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීමේ ක්‍රියාවලියක් සකස් කෙරෙන නිසාත් විද්‍යුත් වාහන ප්‍රචලිත වීම තුළින් මෙරට තුළ පොසිල ඉන්ධන භාවිතය අඩුකළ හැකිවීම නිසාත් පරිසර දූෂණය අවම කිරීමට හැකියාව ලැබීම මෙම ව්‍යාපෘතියේ දීර්ඝකාලීන වාසිදායක තත්වයක් වේ.

    මෙහිදී කර් මාන්ත අමාත්‍යවරයා සඳහන් කලේ මෙම මාර්⁣ගෝපදේශ මාලාව සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භකළ යුතු බවත් ඒ සඳහා රාජ්‍ය අංශය ලබාදෙන දායකත්වයට සමාන දායකත්වයක් පුද්ගලික අංශයෙන්ද ලබාගත යුතු බවයි. මෙම වැඩපිළිවෙල සඳහා සහයෝගය ලබාදීමට USAID ආයතනය එකඟතාවය පලකොට තිබෙයි.

    මෙම සාකච්ඡාව සඳහා කර් මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර් මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් අබේසේකර, ලංකා කාර් මික සංවර් ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මෝටර් රථ ක්ෂේත්‍රය නියෝජනය කරමින් ආයතන රැසක නියෝජිතයින් මෙන්ම USAID ආයතනයේ නියෝජිතයෙක්ද එක්වූහ.


     

    Latest News