දෙහිවලට ආ මුතූ

නොවැ 09, 2022
    අළුත්ගම කන්දේ විහාරයේ සිටි තායිලන්ත රජය පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා අද සත්වෝද්‍යාන භාරයට ගැනුණා.
    ඒ තායිලන්ත තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන්. පසුගිය කාලයේ මේ හස්තියා පාදයේ ආබාධයකින් පෙළෙන බව විවිධ පරිසර සංවිධාන සහ සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු ඉදිරිපත් වුණා. පසුව තයිලන්ත කාර්ය මණ්ඩල දූත පිරිසක් කන්දේ විහාරයට ගොස් සතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.මේ වන විට "මුතු රාජා" දෙහිවල සත්වෝද්යානයට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී "muthuraja" තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ද වාර්තා වනවා.

    Latest News