විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනයට රජයෙන් සැලැස්මක්

ජූලි 13, 2021

    මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    මෙරට ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවන අතර සැලකිය යුතු සංඛ්‍යාවක් වසර 10ට වඩා පැරණි ඒවායි.

    ශ්‍රී ලංකාවේ වායු දූෂණයෙන් 60%ක් පමණ රථවාහනවලින් සිදු කෙරෙන බව තහවුරු වී තිබේ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක්.

    රථවාහන ධාවනය සඳහා ද එම බලශක්තිිිිිිිිිිිිිිිිිිිිිිය භාවිත කිරීම රජයේ අපේක්ෂාවයි.

    Latest News