තිරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය සඳහා අවසර ලබා දී තිබෙනවා. ආයෝජන ආකර්ශනය කර ගැනීම මෙහි අරමුණයි.

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයන කිරීමට බලපත්‍ර ලබාගැනීම සඳහා මෙරට ‍ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය සලකා බලන කාලසීමාව ලබන සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය පිළිබඳව මාර්⁣ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කර් මාන්ත අමාත්‍යංශය සැලසුම් කොට තිබෙයි.

ඉදිරියේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

Latest News