විද්‍යුත් වාහන ගැන ගත් අලුත්ම තීරණය

මැයි 16, 2023

    එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයන කිරීමට බලපත්‍ර ලබාගැනීම සඳහා මෙරට ‍ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය සලකා බලන කාලසීමාව ලබන සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළා.

    මීට පෙර වාන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයන් විසින් පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට දෙසැම්බර 31 වැනිදා දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලැබූ විදේශ විනිමය ප්‍රමාණය පමණක් පදනම් කර ගනු ලැබුවා.

    එම විදේශ විනිමය ප්‍රමාණය අනුව අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ නොසැලසෙන හෙයින් කාලය දික් කිරීමට තීරණය කර තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 16 මැයි 2023 11:26

    Latest News