ආනයනික භාණ්ඩ රැසකට උපරිම මිලක්

නොවැ 02, 2022

    ආනයනය කෙරෙන  භාණ්ඩ හා නිෂ්පාදන 5 ක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය, ‍‍ඊයේ දින සිට ක්‍රියාත්මකයි.

    ආනයනය කරනු ලබන රසකැවිලි, චොක්ලට්, බිස්කට්, ‍කේක් සහ සුවද සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර තිබෙනවා.

    එම භාණ්ඩ දිවයිනට ගෙන්වන අවස්ථාවේදීම, අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි සඳහන් කළ යුතු බව, ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

    aafe2b57098a8073f828d6efd4c41c8a

    Latest News