හික්කඩුව උණුසුම් කළ වෙඩි තැබීම - දෙදෙනෙක් මරුට (වීඩියෝ)

ඔක් 31, 2022
  • හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී අද (31) පෙරවරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

    වෙඩිවැදී බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    https://youtu.be/6fu9KeBmGdM
    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 15:50

    Latest News