රත්ගම ඝාතනයට අත්අඩංගුවට ගත් පොලීසියේ 7 රිමාන්ඩ්

මාර් 19, 2019

    රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා හා ප්‍රධාන අඩවිවන නිලධාරියා ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

    ඒ සැකකරුවන් ඊයේ රාත්‍රී ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් හා සැරයන්වරයෙක් ද සිටිති.

     

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 12:04

    Latest News