කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් රිය අනතුරකින් මිය ගොස් ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී තුසිත බලගෙදර විසින් කඩුගන්නාව උප පොලිස් පරීක්ෂකවරයෙක්ට පහරදී තිබේ.

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා හා ප්‍රධාන අඩවිවන නිලධාරියා ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

Latest News