ගැලවුණ නීතීඥ කබායට නාගහන්නදගෙන් අභියාචනයක්

මාර් 19, 2019

    නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කුට වසර 3ක් නීතීඥ වෘත්තියේ නියැලීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරයි.

    නීතිඥ භාවය අත්හිටුවීම නැවත සලකා බැලීමට පස්දෙනෙක් හෝ ඊට වැඩි විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමේ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නාගානන්ද කොඩිතුවක්කු මහතා අද ප්‍රකාශ කළේය. ඔහු විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කර ලද පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අත්හිටුවීමේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කළේය. 2015 වසරේ මැයි මස 23 දා එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරු වශයෙන් කටයුතු කළ විජිත් මළල්ගොඩ මහතා ඉදිරියේ පැවති රේගු නඩුවකදී ඒ මහතා අපහසුවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කලේ යැයි චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

     

     

     

     

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 15:46

    Latest News