අඩු බර පාන් විකිණූ අයට නඩු

ඔක් 24, 2022

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියමිත බරට වඩා අඩුවෙන් පාන් අලෙවි කරන වෙළෙඳසැල් සොයා ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

    බේකරි, හෝටල් සහ සුපිරි වෙළෙඳසැල් රැසකට නඩු පැවරීමට පියවර ගැනුණා.

    පාන්වල මිල ප්‍රදර්ශනය නොකිරීම නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොතිබීම යන කරුණු නඩු පැවරීමට හේතු වූ බවයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේ. පාන් ගෙඩියක සාමාන්‍ය බර, ග්රෑම් 450 ක් සහ පාන් බාගයක් ග්රෑම් 225 ක් විය යුතුයි. එමෙන්ම, පාන් අලෙවිකරන සෑම ස්ථානයකම කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි තරාදියක් තිබීම ද අත්‍යවශ්‍ය වනවා. පාන්වල බර සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකුට යම් සැකයක් මතු වුවහොත්, එහි බර කිරා බැලීමට තරාදියක් තිබීම පාරිභෝගිකයාගේ අයිතියක් බවයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ. නියමිත ආකාරයකට පාන් අලෙවි නොකරන සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයකට එක් වරක් සඳහා රුපියල් දහසේ සිට දසදහස දක්වාත්, සමාගමක් හෝ සංස්ථාපිත ආයතනයක් සඳහා රුපියල් දස දහසේ සිට ලක්ෂය දක්වා හෝ නැතහොත්, මාස තුනකට නොවැඩි සිරදඬුවම් ලබාදීමේ හැකියාව ඇති බවද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

    Latest News