තිළිණි ප්‍රියමාලිගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනේ

ඔක් 13, 2022

    මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලය ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව‍ට කැඳවා තිබෙනවා.

    පොලීසිය පවසන්නේ, වර්ගීකරණය කොට දෛනිකව කිහිපදෙනා බැගින් එලෙස කැඳවීමට පියවර ගෙන ඇති බවයි

    අදාළ ආයතනයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු වන සුරංගි කොඩිතුවක්කු හා ධනංජය නානායක්කාර යන අය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පිහිටි අදාළ කාර්යාල පරිශ්‍රය ඊයේ පරීක්ෂාවට ලක් කළා.

    Latest News