පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව රජයට විරෝධයක්

ඔක් 13, 2022

    පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව රජයට විරෝධය පළ කිරීම සඳහා පුළුල් එකඟතාවක් ඇති කර ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.

    ‘නිදහස් ජනතා සභාව’ ඒ වෙනුවෙන් කොළඹදී ඊයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණා.

    විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් මීට සහභාගි වුණා. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී සහ අධිකරණයේදී මෙන්ම පුළුල් ජනතා සහභාගිත්වයකින් විරෝධතාවන්හි නිරත වීමට මෙහිදී තීරණය කෙරුණා. පක්ෂ නායකයින් කියා සිටියේ, ජාත්‍යන්තරයද මේ පිළිබඳ දැණුවත් කරන බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂයක් වන ජාතික ජනබලවේගය රැස්වීමට සහභාගි වූයේ නැහැ.

    Latest News