තිලිණි ප්‍රියමාලි ස්ථාන පරීක්ෂාවකට රැගෙන යයි

ඔක් 15, 2022

    මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින තිලිණි ප්‍රියමාලි නැමැත්තිය අද (15) ස්ථාන පරීක්ෂාවක් සඳහා රැගෙන ගනු ලැබීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ සැකකාරියව එලෙස රැගෙන ගිය බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

    සිද්ධියට අදාළව පසුගිය 5 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අනතුරුව පසුගිය 6 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර සැකකාරිය මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටියි.

    කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරතවීමක් සම්බන්ධයෙන් මේ වන විට ඇයට එරෙහිව පැමිණිලි රැසක් ලැබී තිබේ. ඇය වංචාකර ඇති මුදල් අගය රුපියල් බිලියන දෙක හමාරකට (කෝටි 250ක්) අධික බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 15 ඔක්තෝබර් 2022 14:14

    Latest News