ප්‍රියමාලිගේ පෙම්වතාගේ හඬපටයක් ගැන විමර්ශන

නොවැ 22, 2022

    මහා පරිමාණ මූල්‍ය චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා ලෙස සැලකෙන ඉසුරු බණ්ඩාර නමැත්තා බන්ධනාගාරයේ සිට කළේ යැයි කියන දුරකතන ඇමතුමක හඬපටයක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

    බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ ඉසුරු බණ්ඩාර කිසියම් පුද්ගලයකු සමඟ කරනු ලබන දුරකතන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවට වාර්තා වී ඇති බවත් එම හඬපටය සම්බන්ධයෙන් ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන ඇති බවත්ය.

    මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ඉසුරු බණ්ඩාර නමැත්තා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ එම අදාළ හඬපටය තමන් විසින් බන්ධනාගාරය තුළදී කළ එකක් නොවන බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන්ද මෙම සංවාදයේදී සඳහන් කෙරෙන අතර තමන් මැගසින් බන්ධනාගාරයට හෝ කොළඹ බන්ධනාගාරයට වසර දෙකකින්වත් රැඳවියකු බැලීමට හෝ වෙන යම් කටයුත්තකට පැමිණ නැතැයි මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

    Latest News