නියෝජ්‍ය අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.
නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන “ රජය ජනතාවට හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වාදුන්නා. ඒ යටතේ ඉඩම් දස ලක්ෂයක් බෙදා දීම සිදු කෙරේ. මෙමඟින් ඉඩම් අහිමි ජනතාවට සෙතක් ශාන්තියක් ඇති විය. මෙම ඉඩම් ප්‍රතිපත්තිය ජනතව ආදරයෙන් ගෞරවයෙන් පිළිගත් ප්‍රතිපත්තියක් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසි ය.
පසුගිය රජය සමයේ විශාල ලෙස ඉඩම් කොටුකර සමාගම් වෙත සින්නක්කරව ලබාදුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ලංකාවේ වේගයෙන් ගම්, නගර බවට පත්වෙමින් පවතින බවත් මේ ව්‍යාප්තවන නාගරිකකරණයට පහසුවන අයුරින් ඉඅඩම් පරිභෝජනයේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව පැවසී ය. එමෙන් ම මන්දගාමී වී තිබූ ඉඩම් මැනීම් කටයුතු වේගවත් වී ඇතැයි ද පැවසී ය.