කැස්බෑව ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 6ක්

ඔක් 07, 2022

    තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝ හයකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

    ඒ, අම්බලන්තොට පාලම අසළදී හොරොයින් ග්රෑම් 40 ක් සමග අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් අනාවරණය කර ගත් තොරතුරුවලට අනුවයි.  

    ඒ අනුව, කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 6 යි ග්රෑම් 176 ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල පතරොම් 19 ක්, සීල් යන්ත්‍රයක්, හෙරොයින් ඇසුරුම් කිරීමට යොදා ගත් භාණ්ඩ, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් හා ලිපිලේඛන රැසක් සොයා ගැනීමට හැකි වුණා.

    නිවස වටලන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පළා ගොසින්. ඔවුන් හඳුනාගෙන ඇති අතර, පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

    Latest News