මහ මුහුදේ දී තවත් හෙරොයින් කිලෝ 301ක් වටලයි

සැප් 04, 2021

    ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 301ක් සොයා ගැනිණ.   

    සමුදුර නෞකාව විසින් අදාළ යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙනආ අතර ඒවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිතයි. මෙම මත්කුඩු තොගය නිරික්ෂණය සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද පැමිණ සිටියේය. 

    මෙම හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත්තේ, පොලීසිය වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය දින කිහිපය පුරා පොලිසි හා  නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකිනි. 

    Last modified on සෙනසුරාදා, 04 සැප්තැම්බර් 2021 13:09

    Latest News