හෙරොයින් කිලෝ 290ක් නාවික හමුදා අත්අඩංගුවට

අගෝ 31, 2021

    මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් කිලෝග්‍රෑම් 290කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයික් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ උර 10ක පාර්සල් 259ක් ලෙස එම මත්ද්‍රව්‍ය අසුරා තිබිණ.

    නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිණ.

    සැකකරුවන් වයස අවුරුදු 31 - 37 අතර වයසේ පසුවන අහුංගල්ල, බලපිටිය සහ හබරාදුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

    සැකකරුවන්, හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතී.

    2

    9

    10

     

    Latest News