ලක්ෂ 12ක හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

අගෝ 03, 2021

    ඇතිලිවැව, සිරිපුරගම ප්‍රදේශයේ දී සිදුකල වැටලීමකදී ලක්ෂ දොලහක හෙරොයින් සමග සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහිදී අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 230ක් සහ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 430ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    සැකකාර කාන්තාව වයස අවුරුදු 19ක් වන අතර සැකකරු වයස අවුරුදු 24ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

    ඔවුන් දෙදෙනා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් නිත්‍යානුකූලව විවාහ වී නොමැති නමුත් අඹුසැමියන් ලෙස ජීවත් වී තිබේ.

    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News