හෙරොයින් ළඟ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

අප්‍රේ 06, 2022

    හෙරොයින් 643.3g සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පකිස්තාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.



    මොහොමඩ් අල් හුසේන් නමැති විත්තිකරුට එරෙහිව මෙසේ දඬුවම් නියම වුණා.

    2018 ඔක්තෝබර් 27 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් හෙරෝයින් ග්‍රෑම් 643.3 ක් සමඟ කොළඹ දී අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

    ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

    Latest News