අගමැතිගේ මාර්ග හා පාලම් 200ක ව්‍යාප‍ෘතිය ජනතා අයිතියට (වීඩියෝ)

මාර් 17, 2019

    රුපියල් කෝටි 3,000ක ආයෝජනයෙන් මාර්ග හා පාලම් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම හා ඉදිකිරීම් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන මාවනැල්ල නගරයේ දී අද ආරම්භ විය.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. “හදවත් යා කෙරෙන රන් මාවත්“ ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයක් මතයි, එම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එහි සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණේ මාවනැල්ල නගරයේ දී.

    රුපියල් මිලියන 2480ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරුණු මාවනැල්ල රඹුක්කන මාර්ගය සහ මාවනැල්ල අරණායක, හොරේවෙල මාර්ගය ජනතා අයිතියට පත් කෙරිණ. ඒ, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. මාවනැල්ල හෙම්මාතගම-ගම්පොළ මාර්ගය ද ජනතා අයිතියට පත් කෙරුණේ ද අග්‍රාමාත්‍යතුමා අතින්. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 5780ක්.

    අනතුරුව මාවනැල්ල නගරයේ ජන හමුවක් පැවැත්විණ. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්. බස්නාහිර හා වයඹ පළාත් යා කෙරෙන කොච්චිකඩේ පාලම ද අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1500ක්. මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 20:23

    Latest News