ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට නාවික හමුදාව ඊයේ කටයුතු කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයෙහි පාලම් ව්‍යාපෘති අටක් සඳහා මුල් ගල් තැබීම අද (13) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරඅබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

රුපියල් කෝටි 3,000ක ආයෝජනයෙන් මාර්ග හා පාලම් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම හා ඉදිකිරීම් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන මාවනැල්ල නගරයේ දී අද ආරම්භ විය.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. “හදවත් යා කෙරෙන රන් මාවත්“ ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයක් මතයි, එම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එහි සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණේ මාවනැල්ල නගරයේ දී.

රුපියල් මිලියන 2480ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරුණු මාවනැල්ල රඹුක්කන මාර්ගය සහ මාවනැල්ල අරණායක, හොරේවෙල මාර්ගය ජනතා අයිතියට පත් කෙරිණ. ඒ, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. මාවනැල්ල හෙම්මාතගම-ගම්පොළ මාර්ගය ද ජනතා අයිතියට පත් කෙරුණේ ද අග්‍රාමාත්‍යතුමා අතින්. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 5780ක්.

අනතුරුව මාවනැල්ල නගරයේ ජන හමුවක් පැවැත්විණ. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්. බස්නාහිර හා වයඹ පළාත් යා කෙරෙන කොච්චිකඩේ පාලම ද අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1500ක්. මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

Latest News