තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලය දිගු කෙරේ

සැප් 14, 2022

    මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර් ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කාලය දීර්ඝ කර ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    ඇණවුම්කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on බදාදා, 14 සැප්තැම්බර් 2022 11:13

    Latest News