අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් දිවයිනට

සැප් 12, 2022

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්, මාර්ටින් චොන්ගොන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ රා‍ත්‍රියේ දිවයිනට පැමිණියා.



    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදු කළ ආරාධනයකට අනුවයි.


    මාර්ටින් චොන්ගොං මහතාව පිළිගනු ලැබුවේ, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින්. මෙම සංචාරයේ දී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම ඔහු, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සභානායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ.

    Latest News