අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය අද

අගෝ 31, 2022

    2022 අතුරු අයවැය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අදින් ආරම්භ වෙයි. ඒ අනූව පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

    විවාදය පෙරවරු 9.30ට සිට පස්වරු 5.30 දක්වා දිවා විවේකයෙන් තොරව පැවැත්වෙන බව සඳහන්.

    දෙවන වර කියවීමේ විවාදය සැප්තැම්බර් 02 වැනිදා පස්වරු 4.30 දක්වා පැවැත්වෙයි.

    ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව හා තෙවනවර කියවීමෙන් පසු පනත් කෙටුම්පත් සම්මත කර ගැනේ.

    2022 අතුරු අයවැය පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    Latest News