වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙකු පත් කෙරේ

දෙසැ 15, 2024
    ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙන්, අමාත්‍යාංශ 5 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්කර තිබෙනවා.
    ඒ, ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ තුන සඳහා මෙන්ම විදේශ කටයුතු හා කම්කරු අමාත්‍යාංශය සඳහායි
    ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහායි මෙලෙස වැඩ බලන අමාත්‍යවරු පත් කර ඇත්තේ.
    ඒ අනුව ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද පත් කර තිබෙනවා.
    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද, කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද පත් කර ඇත.

    Latest News