තවත් පෙට්‍රල් නැවක් දිවයිනට

අගෝ 31, 2022

    ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) පස්වරුවේ මෙරටට පැමිණි බව, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    එම පෙට්‍රල් තොගය සාම්පල් පරීක්ෂාවෙන් පසු ඊයේ රාත්‍රී ගොඩබෑම ආරම්භ කළ බවත් ඔහු පවසයි.

    දෛනිකව ඩිසල් මෙට්‍රික්ටොන් 4,000ක් හා පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3,000ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද  අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 

    Latest News