කෝටි 15ක රන් බිස්කට් රේගු දැලේ

අගෝ 31, 2022

    රුපියල් පහළොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 60ක් සමග තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙක්. 

    කිලෝ 06 යි ග්‍රෑම් 995 ක් බරැති මෙම රන් බිස්කට් පාර්සල් 06 කට සකස් කර ඉ‍න ප්‍රදේශයේ සගවා ගනිමින් ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීමට සූදානම් කර තිබූ බවට රේගුව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    Latest News