නැවත ඉන්ධන පෝලිම් ?

අගෝ 26, 2022

    නගරාශ්‍රිත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් යළි වැඩිවීමේ තත්වයක් දක්නට ලැබෙන බව, අප වාර්තාකරුවන් පවසනවා.

    තමන් වෙත අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොලැබීම හේතුවෙන් මේ තත්වය ඇති වන බවයි, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ.

    ‍‍කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ උදෑසන සිට තරමක පෝලිම් දැක ගත හැකියි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බලාපොරොත්තුවෙන් සිටි ඇතැම් පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලැබීම නිසා ගැටලුකාරී තත්වයක් ඇති වූ බව, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. ජාතික ඉන්ධන බලපත්‍රය ය‍ටතේ ඉන්ධන නිකුත් කිරීම මසකට ආසන්න කාලයක සිට ක්‍රියාත්මකයි.

    Latest News