ඉන්ධන නිකුත් කිරීමේදී ත්‍රීරෝද රථ පොලිස්ථානයේ ලියාපදිංචිය අනිවාර්යයි

ජූලි 26, 2022

    ලබන 31 වැනිදාට පෙර දිවයිනේ සෑම ත්‍රිරෝද රථයක්ම ඔවුන් අයත් ප්‍රදේශයේ පොලිස්ථානයේ ලියාපදිංචි වීම අනිවාර්ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. 

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ,  අනතුරුව එම ප්‍රදේශයේම එක් පිරවුම්හලක් ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමට වෙන් කෙරෙනු ඇති බවයි.

    එසේම, ගෙවතු සඳහා භාවිත කෙරෙන යාන්ත්‍රික උපාංග, විදුලි උත්පාදන යන්ත්‍ර හා ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වන වෙනත් උපාංග තමා අයත් බලප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බව අමාත්‍යවරයා පවසනවා. 

    අනතුරුව, සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සහ ඒවා ලබාගත හැකි බලයලත් ඉන්ධන පිරවුම්හල නම් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

    Latest News