ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

නගරාශ්‍රිත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් යළි වැඩිවීමේ තත්වයක් දක්නට ලැබෙන බව, අප වාර්තාකරුවන් පවසනවා.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රී 10.00 ට කොළඹ වරායට ළඟා වූ බව, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ලබන 31 වැනිදාට පෙර දිවයිනේ සෑම ත්‍රිරෝද රථයක්ම ඔවුන් අයත් ප්‍රදේශයේ පොලිස්ථානයේ ලියාපදිංචි වීම අනිවාර්ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. 

දුම්රිය ධාවනයට ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 

Latest News