විදුලි ත්‍රි රෝද රථ සඳහා නියමු ව්‍යාපෘතියක් (වීඩියෝ)

අගෝ 26, 2022
  • ශ්‍රී ලංකාවේ භාවිත ත්‍රි රෝද රථ විද්‍යුත්කරණය හෝ නව විදුලි ත්‍රි රෝද රථ ආනයනය සම්බන්ධ නියමු ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගයෙන් ආරම්භ කර තිබෙනවා.

    මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා.

    මාධ්‍ය හමුවේ දී මේ වන විට රජය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳවද අදහස් පළ කෙරුණා.

    නියමු ව්‍යාපෘතියට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට ඒ සඳහා අයඳුම්පත් යොමු කළ යුතු ආකාරය පිළිබඳවද පැහැදිලි කෙරුණා.

    Last modified on සිකුරාදා, 26 අගෝස්තු 2022 12:59

    Latest News