රු.ලක්ෂ 240ක කේරළ ගංජා යාපනයේදී අල්ලයි

ජන 23, 2022

    යාපනය, චුලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 80 යි ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව පසුගියදා (21) රාත්‍රියේ වැටලීම සිදුකෙරිණ.

    මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා, නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

    ඒ අනූව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය සහ චුලිපුරම් පොලිසිය එක්ව යාපනය චුලිපුරම් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කර තිබේ.

    එහිදී, එම නිවස තුල උර 5ක පාර්සල් 38ක් වශයෙන් අසුරා සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 80යි ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 24කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන චුලිපුරම් දේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තිබේ.

    මෙම සැකකරු සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා චුලිපුරම් පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

    2

    1

    5

    Latest News