ප්‍රදේශ රැසක රන් ආභරණ සොරකම් කළ සැකකරුට මාංචු

අගෝ 20, 2022

    රන් ආභරණ තොගයක්, සොරකම් කළ පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    ඒවායේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධිකයි. රාත්‍රී කාලයේ නිවෙස්වලට ගොස් දොර ජනෙල් කඩා නිවස්වලට ඇතුළුවී රන් ආභරණ සොරකම් කර ඇති බවයි හෙළිවී ඇත්තේ. 

    සැකකරු විසින් මතුගම, දොඩංගොඩ සහ මීගමුව පොලිස්වසම්වල නිවාසද කොල්ලකා තිබෙනවා.  සොරකම් කරනලද රන් ආභරණ අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට උකස් කර මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

    බෝම්ඹුවල කොස්හේන ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ වයස අවුරුදු 42 ක්.  ඔහු ඊයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, සැප්තැම්බර් 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 15:25

    Latest News